Mouse (2021)

Genres

Crime thriller
Suspense
Mystery
Sci-Fi

📆 Year: 2021
🌟 Rating: 8.7 / 10

මවුස්(mouse) කතාමාලව ත්‍රාසජනක දකුණු කොරියානු කතා මාලාවකි. මෙම කතාමාලාව රචනය කර ඇත්තේ, චෝයි රන් විසිනි. චෝයි ජුන් බේ සහ කන්ග් චොන් වූ විසින් අධ්‍යක්ෂණය කර ඇත. මෙය සෑම බදාදා සහ බ්‍රහස්පතින්දා දිනකම tvN නාලිකාවෙ විකාශය වෙනවා.

මෙම කතාමාලාව රචනය වී ඇත්තේ 2017දී ඉන්චියොන් හී සිදු වුන පෙර පාසල් ළමා ඝාතනය නිසා. “මගෙ බාල දරුවා කොච්චර වටිනවද කියලා මට ඝාතකයාට පෙන්වන්න ඕනෙ”. ඝාතනයට ලක් වූ දරුවාගෙ මව මෙසේ ප්‍රකාශ කර සිටියත්,

ඔබ වඩාත් දුක්වන්නේ කුමටදැයි ඝාතකයාගෙන් ඇසූ විට ඔහු පිළිතුරු දී ඇත්තේ, “කාලගුණය ලස්සනයි. මම වඩාත් දුක්වෙන්නේ එළියට ගිහින් චෙරි බ්ලොසම් මල් බලන්න බැරි නිසා” යනුවෙනි.

මෙම පිළිතුර නිසා සමස්ත ජාතියම දුකටත්, කෝපයටත් පත් වෙලා. නමුත් මෙවැනි පිළිතුරක් ලබා දීම එම ඝාතකයාට සාමාන්‍ය දෙයක් වන්නට ඇත. මන්ද යත් ඔහු අප සැම මෙන්ම සාමාන්‍ය අයෙකු වුවත්, දුක, පසුතැවිල්ල, වැරදිකාරි හැගීම් නැති කරන මනෝ ව්‍යාධික ජාන ඔහුට ඇති බැවිනි.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
ජන්ග් බරම් උප පොළිස් ස්ථානයක සේවය කරන ආධුනික පොළිස් නිළධාරියෙකි. ඔහු යුක්තිය ඉටු කිරීමට කැමැත්තෙන් සිටින සාධාරණ පොළිස් නිළධරියෙකි. ඔහුට මුණගැහෙනවා සමස්ත ජනගහනයම බයට පත්කරන මනෝ ව්‍යාධික මිනීමරුවෙක්. එතැන් පටන් ඔහුගේ ජීවිතේ වෙනස් වෙනවා.

Mouse complete se 1

Leave a comment

Design a site like this with WordPress.com
Get started